RTI ඉතිහාසය

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත ගෙන ඒමේ වැදගත් සංදිස්ථාන

ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතක අවශ්‍යතාවය සම්බන්ධ සාකච්ඡාව  1994 දක්වාම දිවයයි. විශේෂයෙන් 1994 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පොදුපෙරමුණට සහය දැක්වූ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන විසින් මැතිවරණ සටනේදී මතු කරන ලදි. මේ පිළිබඳව පළමු වරට ලිබිත සටහනක් හමුවන්නේ 1994 වසරේ දී තොරතුරු සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා  විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ¨ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රතිපත්තිය” පිළිබඳ කැබිනට් පත‍්‍රිකාව මගිනි. 1994 වසරෙන් ශ‍්‍රී ලංකාවේ ඇරඹි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිය සම්බන්ධයෙන් සිදුවූ සාකච්ඡාවේ ගමන්මග පිළිබඳව සටහනකි.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන

1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුලත් වන්නේ 2015 වසරේදී සිදුකරන ලද 19 වන සංශෝධනය මගිනි[1] . නමුත් ¨ප‍්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස”[2] මූලික අයිතියක් ලෙස සහතික වී තිබිණි. තොරතුරු දැකගැනීමේ අයිතිය මූලික අයිතියක් ලෙස ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කල යුතු බවට මුල් වරට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගනු ලබන්නේ 1994 වසරේදීය. 1994 ඔක්තෝබර් 10 වන දින තොරතුරු, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක විසින් කැබිනට් පත‍්‍රිකාවක් මගින් පොදු පෙරමුණු ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රකාශය ඉදිරිපත් කරන ලදී. එහි අංක දෙක ලෙස සඳහන් වූයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පුළුල් ලෙස පිළිගන්නා බවත් තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාමය රැකවරණයක් ලබාදෙන බවත්ය[3]' පසුව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පත්කළ මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශනයේ නිදහසට බලපාන නීති ප‍්‍රතිසංස්කරණය සඳහා උපදෙස් ලබාදීමට පත්කරන ලද උපදේශක කමිටුව ( ආර්.කේ.ඩබ්.ගුණසේකර කමිටුව) සිය නිර්දේශය 1996 මැයි 27 වන දින ඉදිරිපත් කරන ලදී. එහි නිර්දේශ අංක 3 ලෙස සඳහන් වූයේ පවතින ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සදහන් ආකාරයට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට තොරතුරු දැනගැනීමේ අයිතියද ඇතුලත් කළ යුතු බවයි[4] .

නමුත් මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොවී පවතින වාතාවරණයක් තුළ ප‍්‍රකාශනයේ අයිතිය තුළට තොරතුරු දැනගැනීමේ අයිතිය යන්න ඇතුලත් වන බවට විමල් ප‍්‍රනාන්දු එදිරිව ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා තවත් අය (S.C.APPLICATION NO.81/95.) [5]' නැමති නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කරන ලදී. මෙම තත්ත්වය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සීමාසහිත පරිසර යුක්ති කේන්ද්‍රය එදිරිව නාගරික සංවර්ධන අධිකාරිය හා වෙනත් අය නැමති (SCFR 47/2004.) නඩුවේදීද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යළි සනාත කරන ලදී[6]'

මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම් පිළිබඳව 1998 අපේ‍්‍රල් 27 සිට 29 දක්වා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති ජනමාධ්‍ය සමුලූවේදී සම්මත කරගන්නා ලද ¨මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ වූ කොළඹ ප‍්‍රකාශනය” මගින්ද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ ප‍්‍රතිපාදන නොමැති වීම සම්බන්ධයෙන් අවධාරණය කල අතර, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) හි 19 වන ව්‍යවස්ථාවට අනුකූල වන ලෙස ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බව දක්වන ලදී.

ජනවාර්ගික අර්බුධයට දේශපාලන විසදුමක් ගෙනඒමේ අරමුණින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ මේ වන විට ආරම්භව තිබූ අතර “පැකේජය” නමින් ප‍්‍රකට වූ දේශපාලන යෝජනාවලිය මත සකස් කරන ලද වර්ෂ 2000 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ මූලික අයිතිවාසිකම් යටතට තොරතුරු දැනගැනීමේ අයිතියද ඇතුලත් කර තිබිණි[7]. එහෙත් එකී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන ආ නමුත් විපක්‍ෂයෙන් මතුවූ දැඩි විරෝධය හේතුවෙන් සාකචිඡා නොකරම බැහැරකරන ලදී.

ආර්.කේ.ඩබ්.ගුණසේකර කමිටු වාර්තාව -1995
ශ්‍රී ලංකා නීති කොමිසම ඉදිරිපත් කල කෙටුම්පත -1996
කැබිනට් මණ්ඩලය සම්මත කල කෙටුම්පත - 2004‍
නීති කොමිසමේ යෝජිත තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත් කෙටුම්පත - 2006
මිලින්ද මොරගොඩ පනත් කෙටුම්පත - 2009
විජේදාස රාජපක්ෂ තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත් කෙටුම්පත - 2010
කරූ ජයසූරිය පනත් කෙටුම්පත - 2010
තිලංග සුමතිපාල පෞද්ගලික මංත්‍රී යෝජනාව - 2010
කරූ ජයසූරිය කෙටුම්පත - 2011
උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභා වාර්තාව 2011
කල්තැබීමේ විවාදය - 2012
විපක්ෂයයේ පොදු අපේක්ෂක මැතිවරණ ප්‍රකාශය - 2015 ජනාධිපතිවරණය
තොරතුරු දැනගැනීමේ ප්‍රවේශය පිළිබඳ පනත් කෙටුම්පත 2015

Search