පනතේ අර්ථ නිරූපන වගන්තියට අනුව තොරතුරු යන්නට පහත සදහන් දේ ඇතුලත් වේ සටහන්,ලේඛන,සංදේශ,විද්‍යුත් තැපැල්,මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, නියම,ලොග් පොත්,ගිවිසුම්,වාර්තා,ප්රවෘත්ති පත්‍ර,සාම්පල්, ආදර්ශක, හුවමාරු වන ලිපි, සංදේශ, නීති කෙටුම්පත්,පොත්, පිඹුරු, සිතියම්,චිත්‍ර,රූප සටහන්, රූපමය හෝ ප්රස්තාරමය වැඩ හෝ ඡායාරූප, සේයාපට,ක්ෂද්ර සේයාපට, ශබ්ද පටිගත කිරීම්,විඩීයෝ පට, යන්ත්‍ර මගින් කියවිය හැකි වාර්තා, ව්ද්‍යුත් ලිපි සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය ඇත්‍රළු පරිගණක වාර්තා සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය, සහ ඒවායේ යම් පිටපත්;
මේ අනුව තොරතුරු යන්නට හුදෙක් ලිපි ලේඛණ පමණක් නොව බෝ දෑ ඇතුලත් ටවන බව පැහැදිලි වේ.
පහත සදහන් ආයතනය සතු තොරතුරු සඳහා ජනතාවට ප්‍රවේශ විය හැකි බව පනතේ සදහන් වේ.
(අ) අමාත්‍යංශ,
(ආ)ලිඛිත නිතියකින් හෝ පළාත් සභා ප්රඥ්ඥපත්තියක් යටතේ පිහිටුවා ඇති ආයතන ,
(ඇ) දෙපාර්තමේන්තු,
(ඈ)රාජ්‍ය සංස්ථා,
(ඉ)කොටස්වලින් සියයට විසිපහකට වඩා රජය සතු සමාගමක ,
(ඊ)මහනගර සභාවක නගර සභාවක හෝ ප්‍රාදේශිය සභාවක,
(උ)රජය සමගකොන්ත්රාත්තුවක් ,හවුල් ව්‍යාපාරයක්,ගිවිසුමක් හෝ බලපත්‍රයක් යටතේ ව්‍යවස්ථාපිත හෝ පොදු කර්තව්‍යයන් ඉටු කරන පෞද්ගලික ආයතන හෝ සංවිධාන(එම ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු පමණි),
(ඌ)පළාත් සභාවක් විසින් පිහිටුවන ආයතන ,
(එ) රජය හෝ විදේශ ආණ්ඩු හෝ විදේශ සංවිධාන හෝ සැලකිය යුතු අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධාන
(ඒ) රජය හෝ පළාත් සභා විසින් මුදල් ආධාර සපයන උසස් අධ්‍යාපන ආයතන
(ඔ)රජය හෝ පළාත් සභා විසින් මුදල් ආධාර සපයන පුද්ගලික අධ්‍යාපන ආයතන
(ඕ)යුක්තිය පසඳලීම සඳහා ඇති කොට පිහිටුවන ලද අධිකරණ ,විනිශ්චය අධිකරණ හා ආයතන,
මේ අනුව පොදු කාර්යයක් සිදු කිරිමට රජයේ ආයතනක් සමග ගිවිසුම් ගත වී ඇති හෝ කොන්ත්‍රාත් ලබා ගෙන ඇති පෞද්ගලික ආයතන වල එම පොදු කාර්යට අදාල තොරතුරු ද මෙම පනතේ ප්‍රතිපාදන භාවිතා කරමින් ලබා ගැනීමට පුරවැසියන්ට අයිතිවාසිකම් ඇත,උදාහරණයක් ලෙස මහනගර සභාවක් සමග කසල ඉවත් කිරිමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන ඇති පෞද්ගලික සමාගමක් සතුය පවතින එම කසල එකතු කිරීමට අදාල තොරතුරු ලබා ගැනීමට පුරවැසියකුට අයිතියක් ඇත.නමුත් එම සමාගමෙහි අනෙකුත් තොරතුරු මෙම පනත යටතේ ලබා ගත නොහැක.
එමෙන්ම පොදු කාර්යයක් කරනු ලබන ,රජයෙන් හා විදේශ රාජ්‍යයන් හෝ විදේශ සංවිධාන වලින් අරමුදල් සපයනු ලබන රාජ්‍ය නොවන සංවිධාන සතුව පවත්නා එම පොදු කාර්යයට අදාල තොරතුරු ද මෙම පනත යටතේ පුරවැසියකුට ඉල්ලා සිටිය හැකිය.
ඒ අනුව මෙම පනත යටතේ පුරවැසියන්ට ඉල්ලා සිටිය හැක්කේ රජයේ ආයතන සතු තොරතුරු පමණක් නොවන බව පැහැදිලිය.
තොරතුරු ලබා ගැනීම සදහා ගාස්තු අය කරනු ලබන උප ලේඛනය මෙතනින් ලබා ගන්න.
පනතේ 5 වන වගන්තියට අනුව පහත හේතු මත තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල හැකිය.
- පොදු වැදගත්කමක් නොමැති අනවශ්‍ය ලෙස යම් පුද්ගලයකුගේ පුද්ගලිකත්වයට හානි කරන තොරතුරක් ඒකි තොරතුර සපයා ඇති පුද්ගලයාගේ එකගතාවය නොමැති නම් එවැනි තොරතුරක් ලබා දීම ප්‍රතික්ෂේප කල හැකිය.
- ඉල්ලා සිටින තොරතුර ලබා දීමෙන් රාජ්‍ය ආරක්ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවයට හානි වන,අවස්ථාවක දී එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල හැකිය.
- ඉල්ලා සිටින ලබන තොරතුරු යම් රජයක් හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වු අන්තර්ජාතික ගිවිසුම් හෝ බැදීම් විසින් රහසිගතව ලබා දුන් හෝ රසිගතව ලබා ගත් අවස්ථාවක,එම තොරතුරු හෙළිදරව් කිරිම එම රජයේ හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වු අන්තර්ජාතික ගිවිසුම් හෝ බැදීම් සමග ශ්‍රි ලංකාවේ ඇති සබඳතාවලට අගතිගාමී වන හෝ අගතිගාමී විය හැකි අවස්ථාවක ඒකී තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල හැකිය.
- ඉල්ලා සිටින තොරතුර හෙලි දරවි වීම මගින්
- විනිමය අනුප්රමාණ හෝ විදේශ හුවමාරු ගනුදෙනු පාලනය කිරිමට ,
- බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත් කිරිමට
- බදු පැනවීමට
- භාණ්ඩ හා සේවා වල මිල ස්ථාවරව පවත්වා ගැනීම, පාලනය සහ ගැලපීමට, කුලී සහ අනෙකුත් පිරිවැය සහ වේතන අනුප්රමාණ, වැටුප් සහ අනෙකුත් ආදායම්; හෝ
- විදේශ වෙළෙ ගිවිසුම්වලට ඇතුළත් වීමට,
අදාලව ආණ්ඩුවේ ආර්ථික හෝ මුල්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ නොකඩවා පවත්වාගෙන යාම සම්බන්ධ තීරණ නිසිකලට හෙළිදරව්වීම මගින් බරපතළ අගතිදායක වන්නේ නම් එවැනි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
V. ඉල්ලා සිටිනු ලබන තොරතුරු බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්ෂාවන වානිජ රහස්, වෙළෙඳ රහස් හෝ බුද්ධිමය දේපළ වලට අදාළ තොරතුරු වන්නේ නම් එම තොරතුරු ලබාදීමෙන් විශාල මහජන සුභසිද්ධියක් ඇතිවන්නේ යැයි පොදු අධිකාරිය විශ්වාස කරන්නේ නම් මිස එවැනි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
VI. ඉල්ලා සිටින තොරතුරු පුද්ගලික වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් වන විට එම වෛද්‍ය වාර්තා හෙලිදරව් කිරීමට එකී පුද්ගලයා ලිඛිතව අනුමැතිය ලබාදී ඇත්නම් මිස එවැනි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
VII. ඉල්ලා සිටිනු ලබන තොරතුර නීතිපතිවරයා හා යම් පොදු අධිකාරියක් අතර පවතින යම් සන්නිවේදනයක්ද ඇතුලුව ලිඛිත නීතියකින් හෙලිදරව් කිරීමට අවසර ලබාදී නොමැති වෘත්තිකයින් විසින් සේවා ලබාගන්නා ලබන පොදු අධිකාරියක් හා එකී සේවා සපයන්නා සම්බන්ධ තොරතුරු හෙලිදරව් කිරීමක් වන්නේ නම් එවැනි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
VIII. ඉල්ලා සිටින තොරතුරු භාරකාර සම්බන්ධතාවයක් මත රහසිගතව තබාගත යුතු තොරතුරු වන අවස්ථාවකදී එවැනි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
IX. ඉල්ලා සිටිනු ලබන තොරතුරු මගින්
- අපරාධ වැළැක්වීමේ ක්‍රියාවලියට බාධාවක් සිදුවන්නේ නම්
- නීතිය බලාත්මක කිරීමට හෝ ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු මූලාශ්‍රයක් හෙළිදරව් වන්නේ නම්
එවැනි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
X. යම්කිසි පුද්ගලයකු විසින් පොදු අධිකාරියක් වෙත රහසිගතව සපයා ඇති තොරතුරක් සම්බන්ධ තොරතුරු ඉල්ලීමක් වන අවස්ථාවකදී එකී තොරතුරු ලබාදීම සඳහා එකී තොරතුරු රහසිගතව සැපයූ පුද්ගලයා අනුමැතිය ලබා නොදී ඇති අවස්ථාවක එම තොරතුර හෙලිදරව් කිරීම ප්‍රතික්ෂේප කලහැකිය- නමුත් එවැනි විටක එම තොරතුරු ලබාදීමට විරෝධතාවයක් පවතින්නේ දැයි පොදු අධිකාරිය විසින් අදාළ පුද්ගලයාගෙන් විමසිය යුතුය.
XI. ඉල්ලා සිටිනු ලබන තොරතුර හෙලිදරව් කිරීම මගින් අධිකරණයට අපහාස කිරීමක් වන අවස්ථාවකදී එම තොරතුර ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
XII. ඉල්ලා සිටිනු ලබන තොරතුරු හෙලිදරව් කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් වන අවස්ථාවකදී එම තොරතුර ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
XIII. ඉල්ලා සිටිනු ලබන තොරතුර විභාග දෙපාර්තමේන්තුව හෝ උසස් අධ්‍යාපන ආයතනයක් විසින් පවත්වනු ලබන යම් විභාගයකට අදාළ තොරතුරු රහසිගතව තබා ගැනීමට නියමිත වන්නා වූ අවස්ථාවක දී එම තොරතුර ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
XIV. ඉල්ලා ඇති තොරතුර හෙළිදරව් කිරීම අධිකරණයට අපහාස කිරීමක් හෝ අධිකරණ බලයට හෝ අපක්ෂපාතීත්තවයට අගතියක් සිදුවන අවස්ථාවකදී එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
XV. ඉල්ලා ඇති තොරතුරු හෙලිදරව් කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් හෝ පළාත් සභා වරප්‍රසාද උල්ලංඝන වන අවස්ථාවකදී එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
XVI. ඉල්ලා ඇති තොරතුරු තීරණයක් ගෙන නොමැති අමාත්‍ය මණ්ඩල සංදේශයක් සම්බන්ධයෙන් වන විට එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
XVII. මැතිවරණ නීතිමගින් රහසිගතව තැබීමට නියමකර ඇති තොරතුරු ඉල්ලා ඇති විටක එවැනි තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කල හැකිය.
XVIII. ඉල්ලා ඇති තොරතුරු විභාගවලට අදාලව රහසිගතව තබාගත යුතු තොරතුරු වන්නේ නම් එවැනි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකිය.
එසේ වුවත් එම තොරතුරු ලබාදීමෙන් සිදුවන මහජන යහපත තොරතුරු ලබාදීමෙන් සිදුවන හානියට වඩා වැඩිනම් එවැනි තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකල යුතු බව පනතේ 5 (4) වගන්තිය දක්වා සිටියි.
(අ) අදාල වැඩ,ලේඛන ,වාර්තා අධික්ෂනය කිරිම සඳහා ,
(ආ) අදාල ලේඛන හෝ වාර්තා වලින් සටහන් ,උද්දෘත හෝ සහතික පිටපත් ලබා ගැනීම,
(ඇ) අදාල ද්‍රව්‍යයන්ගේ සහතික නිර්දේශ ලබා ගැනීම,
(ඈ) එම තොරතුරු පරිගණක හෝ වෙනත් යම් උපාංගයක ගබඩා කර ඇති අවස්ථාවකදී ,ඩිස්කට්,ප්ලොපි,පටි,දෘෂ්‍ය,කැසට් පට හෝ වෙනත් යම් විද්‍යුත් ක්‍රමයකින් හෝ මුද්‍රිත පිටපත් වශයෙන් තොරතුරු ලබා ගැනීම.