ප්‍රවෘත්ති සහ විශේෂාංග

තොරතුරු දැනගැනීමේ පනත පිලිබඳ ඔබ දැන ගත යුතු දේ

වත්මන් රජය බලයට පත්වුණු දින සිට වරින් වර මාධ්‍ය මගින් වාර්තා වුනු කාරණයක් තමයි Right to Information (RTI) හෙවත් තොරතුරු දැනගැනීමේ පනත. පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු RTI පනත් කෙටුම්පත යහපාලන රජය බලයට පත් වීමට පෙර දුන් පොරොන්දුවක් ඉටු කීරීමක් පමණක් නොව මෙරට මාධ්‍ය වේදීන්, නීතීඥයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් දශක දෙකකට අධික කාලයක් පුරා දියත් කරන ලද සටනක අවසාන ප්‍රතිපයලක් ලෙසද සැලකිය හැක. රටේ පුරවැසියෙකු ලෙස RTI මගින් ඔබට ලබා ගත දේ පිලිබඳ කෙටි හැඳින්වීමක් තමයි මේ.

ඇත්තටම මොකක්ද මේ තොරතුරැ දැන ගැනීමේ පනත කියන්නේ?
පනත් කෙටුම්පත පිලිබඳ උපදේශ ලබාදුන් Verité Research ආයතනය පවසන පරිදි RTI මගින් සියලු රජයේ ආයතන සතු තොරතුරු ලබා ගැනීමට තනි පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ඇති අයිතිය නීතිගත කර තහවුරු කරනු ලැබේ.

මෙහි ‘තොරතුරු’ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
ටෙන්ඩර් පත්‍රිකා, අය වැය තොරතුරු, රජයේ කාර්ය මණ්ඩල වලට අදාළ තොරතුරු, ඊ මේල් පණිවිඩ, සැලසුම් සටහන් යනාදිය පමණක් නොවේ ඔබේ ප්‍රදශයේ පාරවල් හදන, වතුර පයිප්ප හදන පුද්ගලයින් ආශ්‍රිත එදිනෙදා ජීවිතයට අදාළ විස්තර හා මෙකී නොකී රජය සතු සියලු කරුණු කාරණා ‘තොරතුරු’ යන්නෙන් අදහස් වේ.

මෙම තොරතුරු ලබා ගන්නේ කෙසේද?
සෑම රජයේ ආයතනයකටම පත් කරනු ලබන තොරතුරු නිලධාරියෙක් (information officer) හරහා ඔබට අවශ්‍ය තොරතුරු ලිඛිතව ඉල්ලා සිටීමට ඔබට පුළුවන්. මොනයම් හෝ හේතුවක් නිසා කිසියම් තොරතුරක් ඔබට නිකුත් කිරීමට නොහැකි යැයි තොරතුරු නිලධාරියා පැවසුවහොත් ඔවුන්ට එසේ කල හැක්කේ RTI පනත මගින් අදාළ තොරතුර ජනතාවට නිකුත් කර නොහැකි යැයි පැහැදිලව සඳහන් කර ඇති අවස්ථාවකදී පමණි. එවන් අවස්ථාවකදී වුවද එම තොරතුර නිකුත් කිරීමෙන් ජනතාවට යහපතක් සිදුවන්නේ නම් පනතේ ඇති කොන්දේසියට ඉහලින් යෑමේ ප්‍රතිපාදනද ඇත.

හොඳයි, දෙන්න බැහැම කිව්වොත් මොකද කරන්නේ?
මෙවන් අවස්ථාවකදී ඔබට ප්‍රවීණ මාධ්‍යවේදීන් හා නීතිඥයින්ගෙන් සමන්විත විශේෂ ’තොරතුරු කොමිසමක්’ (information commission) වෙත පැමිණිලි කල හැක. එතැනින්ද සහනයක් නොලැබුනොත් අභියාචනාධිකරණයේ පිහිට පැතීමට ඉඩකඩ තිබේ.

ඔහොම කිව්වට තියෙන හැම තොරතුරක්ම දෙන්න විදිහක් නැතුව ඇති නේ?
ඔව්. පැහැදිලිවම. තමන් සතු සියලු රහසිගත තොරතුරු ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන රජයක් ලෝකේ කොහෙවත් නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය අරාක්ෂාවට අදාළ තොරතුරු යනාදිය ප්‍රසිද්ධ කර නොහැකි බව අමතුවෙන් කිව යුතු නැහැ. Verité Research ආයතනයට අනුව තොරතුරක් නිකුත් කිරීම වැලක්වීමට නම් කාරණා දෙකක් සම්පූරණ විය යුතුයි:

එම වැලැක්වීම සාධාරණය කිරීමේ හැකියාව (උදා. රාජ්‍ය ආරක්ෂාව)
අදාළ තොරතුර නිකුත් කිරීමේ ඇති හානිදායක බව පෙන්වා දීමේ හැකියාව. (උදා. යම් තොරතුරක් ලබා දීමෙන් ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති වීමේ ඇති ඉඩකඩ)
තොරතුරේ ඇති වැදගත්කමට එහි රහස්‍ය භාවට වඩා ඉහල වටිනා කමක් ලැබෙනු ඇත

ඉහත සඳහන් කාරණා දෙකම සම්පූර්ණ වන අවස්ථාවකදී වුවද, අදාළ තොරතුර නිකුත් කිරීමේ ඇති වැදගත්කම – එනම් එය නිකුත් කිරීමෙන් ජනතාවට වන සේවය එසේ නොකර සීටිමෙන් වන හානියට වඩා වැඩියයි සැළකේ නම් – RTI පනතේ එන ‘සීමා සහිත ව්‍යතිරේක’ (limited exceptions) වගන්තියට යටත්ව එම තොරතුර ලබා ගැනීමේ අවකාශයක් තිබේ.

ඉතිහාසයෙන් බිඳක්
1955 රාජ්‍ය රහස් පනත, 1978 ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලය හා 1971 ආයතන සංග්‍රහය වැනි යල් පැනගිය නීති හේතුවෙන් මෙරට විවෘත හා විශ්වාසකටයුතු සමාජයක් ගොඩ නැගීමේ හැකියාව ඇහිරී ගොස් ඇති බව අදකාලයේ බොහෝ විද්වතුන් පවසන කාරණයක්.

ශ්‍රී ලංකාවේ RTI සඳහා පනත් කෙටුම් පතක් සකස් කර ගැනීමේ උත්සාහය ආරම්භ වන්නේ 1990 දශකයේ මැද භාගයේ. ඒ තම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳව ඉන්දියාව, පාකිස්ථානය හා අනෙකුත් සාක් කලාපීය රටවල් බොහෝ දුරක් ගමන් කරමින් සිටි අවධියක. එහෙත් අවාසනාවකට එවකට රට පාලයන කළ දේශපාලකයින් මේ ගැන දක්වූ මැලි භාවය හේතුවෙන් එම උත්සාහය යටපත් වුනා.

අද තත්වය
කෙසේ වෙතත් මෙම අලුත් පනත් කෙටුම් පත හේතුවෙන් තොරතුරු දන ගැනීමේ අයිතිය ප්‍රධාන මාතෘකාවක් ලෙස යලිත් කරලියට පැමිණ තිබෙනවා. යහපාලන රජයේ කෙතරම් වැරදි තිබුනත් ජනතා පරමාධිපත්‍යයට ගරු කරන සියළු දෙනා මෙය අගය කර යුතු දෙයක්. දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙරට පාර්ලිමේන්තුව විසින් තොරතුරු දන ගැනීමේ පනත් කෙටුම් පත සම්මත කරන ලද හොත් එය සැබවින්ම මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බව කිව යුතුම කාරණයක්.

උපුටාගැනිම - roarsinhala.com

RTI සිදුවීම්

සදුදා අඟ බදාදා බ්‍රහස් සිකුරා සෙන ඉරිදා
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Search