2016 අංක 12 දරණ තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් සිදු කළ ව්‍යාපෘති 3 ක් එළිදැක්වීම පසුගිය දින එනම් 2019.11.11 වන දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.
මෙහිදී,
- ප්රගාමී තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් සකස් කරන ලද නව වෙබ් අඩවි එළිදැක්වීම,
- තොරතුරු පනතට අදාල ඉල්ලුම්පත් විද්‍යුත් මාර්ගයෙන් යොමුකිරීමේ හා අධීක්ෂණය කිරීමේ පද්ධතියක් නිර්මාණය කර එළිදැක්වීම,
- තොරතුරු පනත සම්බන්ධ වන මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම,
සිදු කරන ලදී.
ප්රගාමී තොරතුරු තාක්ෂණික හා විද්‍යුත් ක්‍රමවේදයකට ඉදිරිපත් කිරීම
ප්රගාමී තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් සකස් කරන ලද නව වෙබ් අඩවි දෙකක් මෙහිදී එළිදැක්වූණි. එය වෘත්තිය පුහුණු අධිකාරියේ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වේබ් අඩවිවේ. මෙම වෙබ් අඩවි නිර්මාණය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මූල්‍යය දායකත්වය හිමි විය.
තොරතුරු පනතට අදාල ඉල්ලුම් පත් විද්‍යුත් මාර්ගයෙන් යොමුකිරීමේ හා අධීක්ෂණය කිරීමේ පද්ධතියක් නිර්මාණය
2016 අංක 12 දරණ තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීම උදෙසා තොරතුරු තාක්ෂණය යොදාගනිමින් තොරතුරු ඉල්ලීම් විද්‍යුත් මාර්ගයෙන් යොමුකිරීමේ පද්ධතියක් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතාගේ මඟපෙන්වීම මත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය කරන ලදි. මෙම පද්ධතිය නියමු ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරීය තොරාගෙන ඇති අතර එම පද්ධතියද එදින ජනගත කෙරුණි.
මාර්ගෝපදේශ සංග්‍රහය
තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් තොරතුරු නිලධාරීන් සහ පනත සම්බන්ධව උනන්දුවක් දක්වන පුරවැසියන්ට අවශ්‍ය දැනුම සහ මඟපෙන්වීම ලබාදීම වෙනුවෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් මෙහිදී එළිදැක්විය. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය ජනමාධ්‍ය අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ එක්ව සකස් කරන ලදී. මෙමඟින් තොරතුරු නිලධාරීන්ට සහ පනත සම්බන්ධව උනන්දුවක් දක්වන පුරවැසියන්ට අවශ්‍ය මාර්ගෝපදේශය, ඉතා පැහැදිලිව හා විධිමත්ව අයුරින් ලබා ගැනීමට හැකියාව ලබා දී ඇත.