තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන ඉනෝටෙක් - 2020 (INNOTECH - 2020) තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය එළඹෙන මාර්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා පැවැත්වේ.
හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා විවෘතව තැබේ.
තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ඒකකයේ දායකත්වයෙන් තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධ විස්තර ඇතුළත් ප්‍රදර්ශන කුටියක්ද එහි නිර්මාණය කර ඇත.
එම ප්‍රදර්ශන කුටියේදී තොරතුරු පනත සම්බන්ධයෙන් පුරවැසියන් දැනුවත් කිරීම, අත්පත්‍රිකා බෙදා හැරීම, පනත භාවිතයෙන් පුරවැසි ගැටළු සඳහා විසඳුම් ලබාදීම, තොරතුරු පනත සම්බන්ධ කෙටි චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම ආදී කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.