ලොව මුල්ම තොරතුරු අයිතිය පිළිබඳ පනතක් ගෙන එන්නේ 1766 දී ස්වීඩනයයි. ඒ ස්වීඩන් පුවත්පත් නිදහස පිළිබඳ පනතයි. එතැන් සිට 2016 වසරේ මාර්තු මාසය වන විට ලොව රටවල් 110ක් සිය පුරවැසියන්ට තොරතුරු අයිතිය ලබාදී තිබණි. ශ්රී ලංකාව 2016 ජූනි මාසයේදී තොරතුරු අයිතිවාසිකම් පනත පාර්ලිමේන්තුවේ සියලු මන්ත්රීවරුන්ගේ ඒකඡන්දයෙන් සම්මත කරන්නේ තොරතුරු අයිතිය තහවුරු කල ලොව 111 වෙනි රට ලෙසයි.